බිහි කළ දරුවා රෝහලේ දමා ගිය 15 හැවිරිදි දැරිය පොලිස් භාරයට
යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කළ පුද්ගලයාද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුලත් වී ඇත්තේ ගැබිනියක් ලෙසයි.
අනතුරුව අඩුවයස්ව මෙලෙස ගැබ්ගැනීම සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ කර්ය මණ්ඩලය විසින් යාපනය පොලීසියද දැනුවත් කෙට තිබුණා.
අනතුරුව පසුගිය 13 වනදා අදාල දැරිය බිළිඳෙකු ප්රසූත කිරීමෙන් පසුව අදාල දැරිය සහ ඇගේ තනියට සිටි මවද බිළිඳා රෝහලේ දමා අතුරුදහන්ව සිටි අතර,
පසුව ඒ පිළිබඳව රෝහල බලධාරීන් විසින් යපනය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා තිබුණා.
අදාල දැරිය යාපනය නෙල්ලිඅඩි ප්රදේශයේ ජීවත්වන බවට පොලීසියට ලැබුනු තෙරතුරකට අනුව යාපනය පොලීසිය විසින් නෙල්ලිඅඩි පොලීසියට ඒ බව දැනුම් දී ඇති අතර අනතුරුව නෙල්ලිඅඩි පොලීසිය විසින් දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගෙන යාපනය පොලීසිය වෙතට භාර දෙන ලදි.
එහිදී පොලීසිය විසින් 15 හැවිරිදි දැරිය ගැබිනියක් කරන ලද පුද්ගලයා සොය පරික්ෂණයක් ඇරඹු අතර එහිදී සැක පිට මුලතිව් මල්ලවි ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණයක් අරඹා තිබෙනවා.
රෝහලේ දම ගිය බිළිඳා මේ වන විට රෝහල් බලධාරීන්ගේ අධික්ෂණය යටතේ යාපනය ශික්ෂන රෝහලේ තබා තිබෙනවා..
The post බිහි කළ දරුවා රෝහලේ දමා ගිය 15 හැවිරිදි දැරිය පොලිස් භාරයට appeared first on ITN News.