දඹුල්ල ලොකු ලූනු වගාකරුවන්ට වැඩි ආදායමක් ලබාදීමට පියවර
දඹුල්ල ප්රදේශයේ ලොකු ලුනු වගාකරුවන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීමට ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මැදිහත් වී තිබෙනවා.
දඹුල්ල හා ලග්ගල ආසනයේ සමස්ත ලොකු ලුනු ගොවීන් මීට වසර ගණනාවක සිට ලුනු වගාව ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන ගිය ද පසුගිය කාලයේ දී මිල පහළ යාම හේතුවෙන් ලොකු ලුනු වගාවෙන් ඉවත් වුණා.
ඒ හේතුවෙන් වෙළෙඳපොළේ ලොකු ලුනු මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටම දක්වා ඉහළ ගියා.
මීට පිළියමක් ලෙස මෙම වසරේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශ මගින් ලොකු ලුනු වගාකරුවන් දිරිමත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ වන විට වෙළෙඳපොළේ ලොකු ලුනු මිල සීඝ්රලෙස පහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ගොවීන් මුහුණදෙන අසීරුතා සැළකිල්ලට ගෙන ඔවුන්ට ස්ථාවර තත්ත්වයක් උදා කර දෙන ලෙසට මහින්ද අමරවීර හා නලීන් ප්රනාන්දු යන අමාත්යවරුන්ට ලිපියක් යොමුකරමින් රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුම් දී තිබෙනවා.
The post දඹුල්ල ලොකු ලූනු වගාකරුවන්ට වැඩි ආදායමක් ලබාදීමට පියවර appeared first on ITN News.