ගිහානි හා අශෝකට හිමි වූ මහා සම්පත
හබරණ පුවක්පිටිය ප්රදේශයේ වනය මැද ජීවත් වන ගිහානි හා අශෝකට පසුගිය මව්වරුන්ගේ දිනය උදාවීමට පැය කිහිපයක් තිබියදී ලෝකයේ වටිනාම සම්පතක් හිමි වුණා.
ඒ ගිහානි තුන් නිවුන් දරුවන් මෙලොවට බිහිකිරීමයි. දඹුල්ල රෝහලේදී උපන් මෙම දරුවන් වනන්තරයේ පිහිටි පැල්පතට රැගෙන යාමටවත් ක්රමයක් නොතිබූ නිසා එයට උපකාර කළේ අප ප්රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාසයි.
ගිහානි හා අශෝකට වයස අවුරුදු 03 ක දියණයක් ද සිටිනවා.
දඹුල්ලේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරකින් මෙම පවුල පදිංච සිටින අතර වන අලින්ගෙන් ආරක්ෂා වීම සදහා ඔවුන් බොහෝවිට රාත්රී කාලය ගත කරන්නේ ගසක් උඩ තැනූ පැල්පතකයි.
දරුවන්ගේ පියා වන අශෝක එම පැලෙන් ඇද වැටී ආබාධ තත්ත්වයෙන් පසු වනවා.
දරුවන් පැල්පතට රැගෙන ගිය අප වාර්තාකරු එම ස්ථානයෙන් පිටව යාමටත් පෙර මහ වැසි ඇද හැලුනා.
එම වර්ෂාවෙන් පැල්පත තෙමෙන ආකාරය දකිනවිට හද කම්පා වනවා.
හදවත් ඇති කා හටත් මේ දරුවන් වෙනුවෙන් කළ හැකි බොහෝ දේ පවතිනවා.
ඒ වෙනුවෙන් අවශ්ය සම්බන්ධීකරණය කිරීම සිදු කිරීමට අප සූදානම්
මේ අතර මෙම දරුවන් වෙනුවෙන් කඩිනමින් නිවසක් සාදාදීමට කටයුතු කරන ලෙස අමාත්ය ප්රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නා.
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසන්නේ දැනටමත් ඒ සදහා අවශ්ය තොරතුරු ලබා දෙන ලෙසට අනුරාධුපර දිස්ත්රික් කළමනාකරුට උපදෙස් දී ඇති බවයි.
The post ගිහානි හා අශෝකට හිමි වූ මහා සම්පත appeared first on ITN News.