යුද ගැටුම් නිමා වී වසර 15 ක් ගත වී ඇතත් තවමත් 'කුඩම්මාගේ සැලකිලි' ලබන සිංහල ගම්මානය
දශක තුනක් පැවති සිවිල් යුද්ධය නිමා කර, 15 වැනි සැමරුමට අපි පැමිණ සිටිමු. එහෙත් තමන් තවමත් 'අනාථයින්' ලෙස ජීවත්වෙන බව මුලතිව්, කෝකිලායි මොට්ටුආරම ගම්මානයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ. මේ ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත් වෙන අතර බහුතරය සිංහල ජාතිකයන් වේ.