වෙළෙඳසල්වලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ අවධානය

- itnnews.lk

වෙළෙඳසල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය කෙරෙහි ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කර තිබෙනවා.

ඒ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)බී වගන්තිය යටතේ 2008 ඔක්තෝබර් 17 දිනැතිව පරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද විධාන අංක 26 මඟින් පනවා ඇති පරිදි කිසියම් වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණන අවස්ථාවේ නිකුත් කරන කුමන වර්ගයේ හෝ බහාලුම් මලු/ එතුම් සඳහා පාරිභෝගිකයන්ගෙන් කෙළින්ම හෝ අන්යාකාරයකින් කිසිදු මුදලක් අය කරගැනීම නොකළ යුතු බවට නියම කර නිකුත් කර තිබූ ගැසට් නිවේදන බල රහිත කරමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් 2024 මාර්තු 28 දිනැතිව දුන් තීන්දුවේ පිටපතක් ලැබෙන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

එහිදී ශ්රේෂ්ඨාධිකරණ තීරණය මාධ්ය මඟින් ප්රකාශ පත් කළද මෙහි බලපෑම සමාජයට දැනීමට යම් කාල සීමාවක් ගත වන බැවින් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නිසි ක්රියාමාර්ග ගැනීමට මධ්යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ගේ පෙර සූදානම පිළිබඳ විමසීම සඳහා මෙදින රැස්වීම කැඳවා තිබිණි.

ලබී ඇති ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි ෂොපින් බෑග්වලින් මුදල් අය කරගැනීම නිෂ්පාදකයාගෙන් අය කරගන්නේද නැත හොත් පාරිභෝගිකයාගෙන් අය කරගන්නේද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවද කාරක සභාවේදී ප්රකාශ විය. ලෝකයේ වෙනත් රටවල වෙළෙඳසල් මඟින් නිකුත් කරනු ලබන ද්විතීයික ඇසුරුම් සඳහා පමණක් පාරිභෝගිකයාගෙන් මුදල් අය කරන බවත් නිෂ්පාදකයාගෙන් ඇසුරුම් සඳහා මුදල් අය කරගත හොත් ප්රාථමික ඇසුරුම් සඳහාද මුදලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදු වන බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දී තිබෙනවා.

එබැවින් නිෂ්පාදකයා මත අධිභාරයක් පැනවීම අවශ්ය නොවන බවත් පෙර වෙළෙඳසල් මඟින් නොමිලේ දුන් ෂොපින් බෑග් මත යම් මුදලක් අය කිරීමෙන් පාරිභෝගිකයා ෂොපින් බෑග් ඉල්ලීමෙන් වැළකී භාණ්ඩ මිල දී ගැනීමට තම නිවෙසින් බෑගයක් ගෙන යෑමේ පුරුද්දක් ඇති කිරීම මේ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණ විසින් ලබා දී ඇති තීන්දුව ඔස්සේ ඇති කළ යුතු සමාජ බලපෑම බවත් කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා අවධාරණය කළා.

මෙහිදී කාරක සභාව වැඩි දුරටත් සඳහන් කළේ ලෝකයේ වෙනත් රටවල් පාරිභෝගිකයාට නිකුත් කරන ද්විතීයික ඇසුරුම් මත අය කරනු ලබන මුදල් පරිසරය ආරක්ෂා කිරීමේ රජයේ අරමුදලකට බැර කරන බවත්, සුපිරි වෙළෙඳසල් පමණක් එම අරමුදලේ ලියාපදිංචි කර ඇති අතර කුඩා පරිමාණයේ වෙළෙඳසල් සඳහා එය අදාළ නොවන බවයි. තවද ලෝකයේ මේ ක්රමවේදය අනුගමනය කරනුයේ පාරිභෝගිකයාගේ මනසට පණිවිඩයක් දීමට බවත් ශ්රේෂ්ඨාධිකරණ තීරණය ඵලදායී ලෙස මෙරට තුළ ක්රියාත්මක කිරීමෙන් සමාජය තුළ ෂොපින් බෑග් භාවිතය සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇති කළ හැකි බවත් කාරක සභාවේ අදහස විය.

කාරක සභා සාමාජිකයන් වන ජයන්ත සමරවීර සහ (වෛද්ය) තිලක් රාජපක්ෂ මන්ත්රීවරු සහ පරිසර අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු මේ රැස්වීමට සහභාගි වූහ.

The post වෙළෙඳසල්වලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ අවධානය appeared first on ITN News.

You may also like

- colombogazette.com

The highly anticipated “Battle of the Reef” Festival is set to make waves this July at the shores of the Pegasus Reef. This inaugural event promises an exhilarating celebration of athleticism, camaraderie, and entertainment, exclusively designed for corporate participants in Sri Lanka. On July 27, the pristine beaches of Pegasus Reef will come alive with […]

- adaderana.lk

Sri Lanka s digital literacy has increased to 63.5% in the year 2023, according to the latest report by the Department of Census and Statistics. This means that three out of five persons aged between 5 and 69 in Sri Lanka are digitally literate.

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayake affirmed his party s support for the continuation of Provincial Councils in their current form.

- onlanka.com

Over thirty workers at a cosmetics manufacturing factory in Pinwatta, Panadura, have been rushed to hospitals today (June 12) after inhaling toxic fumes.The post Dozens hospitalized after toxic chemical incident at Pinwatta cosmetics factory appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Postal workers in Sri Lanka plan to engage in a 24-hour trade union action starting at midnight tonight (June 12), by taking sick leave.The post Sri Lankan postal workers to stage sick leave protest over staffing shortages appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

Five people have been injured in a shocking accident at the Makumbura Multimodal Center (MMC) in Kottawa this morning (12).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc