අවි වෙනුවට රෝස සාමකාමී පාගමනට පොලීසියෙන් බාධා
ලෝක යුද විරෝධී සංවිධානය ‘ අවි වෙනුවට රෝස’ සාමකාමී යුධ විරෝධී පාගමන විහාර මහා දේවී උද්යානයේ බුදු පිළිමය අසලින් ආරම්භ වී අනගාරික ධර්මපාල මාවත, ආනන්ද කුමාරස්වාමී මාවත ඔස්සේ, ඇමෙරිකානු තානාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට නියමිතව තිබුණා කෙසේ වෙතත් සාමකාමී පා ගමන අනගාරික ධර්මපාල මාවත ඔස්සේ ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ කොල්ලූපිටිය හන්දිය දෙසට ගමන් කළ අතර කොල්ලුපිටිය හන්දියෙන් පොලිසිය සහ කැරළි මර්දන ඒකකය විසින් පා ගමන ඉදිරියට ගමන් කිරීම වළක්වනු ලැබුවා.
පසුව රාජිත,පව්සි ඇතුළු ආගමික නායකයන් හය දෙනෙක් ඇමරිකන් තානාධිපති කාර්යාලයට යෑමට අවස්ථාව ලැබුණු අතර එහිදී ඔවුන් ඇමරිකානු තානාධිපති කාර්යාලයේ නියෝජිතයින් ට සංදේශය භාරදී ඔහු සමග සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇත, ඇමරිකාව කරන වරද පිළිබඳව ඔවුන් තානාධිපතිකාරයාලයේදී ඔවුන්ට පහදා දී ඇත කෙසේ වෙතත් දීර්ඝ වටමේ සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
The post අවි වෙනුවට රෝස සාමකාමී පාගමනට පොලීසියෙන් බාධා appeared first on ITN News.