යුද බිය නිමාවී අදට වසර 15යි

- itnnews.lk

මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව සුරකිමින් කුරිරු ත්රස්තවාදය මෙරටින් අතු ගා දමා අදට වසර 15 ක් සපිරෙනවා.

අනාගත පරපුරට සාමකාමී රටක් දායාද කරන්නට විරෝධාර රණවිරුවන් තම ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ජීවිතද පරිත්යාග කළා.

ඒ ඉතිහාස ගතවූ යුද ජයග්රහණය 2009 වසරේ අද වැනි දිනෙක නන්දිකඩාල් කලපුවෙන් සනිටුහන් කරමින් යළිත් ත්රස්තවාදයකට මේ බිමෙහි කිසිදු ඉඩක් නොමැති බව අපේ වීරෝදාර රණවිරුවන් ලොවටම පෙන්වා දුන්නා. එම විජයග්රහණයට උර දුන් සියලු රණවිරුවන් මේ මොහොතේ අප සිහිපත් කරන්නේ ඔවුන් ඉටු කළ අමිල මෙහෙවරට ගෞරවයක් එක් කරමින්.

2007 වසරේ මාවිල්ආරු සොරොව්ව වසා දමමින් ජනතාවට ජලය ලබාදීම අවහිර කළ කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් එල්ටීටීඊ යේ ම්ලේච්ඡත්වය යළිත් ඉස්මතු කර පෙන්වනු ලැබුවා. ඊට නිසි පිළිතුරු දෙමින් මානුෂීය මෙහෙයුම ඇරඹූ රණවිරුවන් නැගෙනහිර ත්රස්ත ග්රහණයෙන් මුදා ගනිමින් එල්ටීටීඊ යට පළමු පරාජය අත්කර දුන්නා.

ඉන් අනතුරුව උතුරේ කොටි පාලනය යටතේ පැවති ප්රදේශ අඩියෙන් අඩිය හමුදා පාලනයට නතු කර ගනිමින් අපේ රණවිරුවන් ගොඩින් දියෙන් බිමෙන් ත්රස්ත ඉලක්ක වෙත පහර පිට පහර එල්ල කළේ ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය ලෙස වහසි බස් දෙඩූ එල්ටීටීඊ යට පමණක් නොව ඔවුන්ට උඩගෙඩි දුන් විදෙස් බලවේගවලටද අමතක නොවන පාඩමක් කියා දෙමින්. යුද හමුදාපති සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ත්රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සටනට අවශ්ය නායකත්වය ලබා දුන්නා.

ත්රස්තවාදය පරාජය කිරීම සදහා පොලිසියේ මෙන්ම ග්රාමාරක්ෂක බලකායේ විරුවන්ගෙන් ලැබුණු ශක්තිය ද මිල කළ නොහැකියි.  කොටි බලකොටු බිද දමමින් දිවා රෑ දෙකේ අපමණ වෙහෙසක් දරමින් සටන් වැදුන වීරෝධාර රණවිරුවන් කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඝාතනය කිරිමත් සමග එල්ටීටීඊ ත්රස්තවාදයේ අවසානය නිල වශයෙන් නිවේදනය කළා. ත්රස්තවාදය කිසිලෙසකින් අනුමත නොකළ ශ්රී ලාංකිකයින් මෙම යුද ජයග්රහණයත් සමග සැනසුම් සුසුම් හෙලුවේ ත්රස්තවාදයෙන් ශ්රී ලාංකිකයින්ට සිදු වූ විනාශයන් පිළිබදව පැවති පුළුල් අවබෝධය පෙරදැරිවයි. රටම එක්සේසත් කළ රණවිරුවන් අනාගත පරපුරට නිදහස් රටක් දායාද කළේ මිල කළ නොහැකි රණවිරු ජීවිත දහස් ගණනක් මව්බිම වෙනුවෙන් පූජා කරමින්. එමෙන්ම තවත් රණවිරුවන් විශාල පිරිසක් යුද ගැටුම්වලදී ආබාධ තත්වයන්ට පත් වුණා. මේ සියලු විරුවන් සෑම මොහොතකම අප සිහිපත්කළ යුතු වන්නේ ඔවුන් කළ කැපකිරිම් හා පරිත්යාග කොතෙක්දැයි කිසිවෙකුටත් මිල කළ නොහැකි නිසාවෙනි.  ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු මෙම රණවිරු ජයග්රහණය අදත් හෙටත් ඒ අයුරින්ම පවතිනු ඇති.

 

 

The post යුද බිය නිමාවී අදට වසර 15යි appeared first on ITN News.

You may also like

- colombogazette.com

Nepal, which earlier hesitated to completely pivot towards China because of several economic and geopolitical factors, seems to have tilted heavily towards its big northern neighbor, giving it an opportunity to further increase its footprint in the Himalayan country’s political, economic, and social space. Yet what concerns Nepal watchers the most is the Himalayan nation’s […]

- adaderana.lk

The Public Utilities Commission of Sri Lanka (PUCSL) says that the granting of approval for the new electricity tariff revision proposed by the Ceylon Electricity Board (CEB) is anticipated to be finalized by mid-July.

- adaderana.lk

Hunter Biden was convicted Tuesday of all three felony charges related to the purchase of a revolver in 2018 when, prosecutors argued, the president s son lied on a mandatory gun-purchase form by saying he was not illegally using or addicted to drugs.

- adaderana.lk

The Department of Meteorology says showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara Eliya, Galle and Matara districts.

- island.lk

Sri Lanka and Nepal came to Lauderhill searching for their first wins, hoping to put their T20 World Cup 2024 on track. However incessant rain, heavy enough to trigger flash-flood alerts for local residents, left both teams splitting one point apiece. That means Sri Lanka are almost certainly out of Super Eight contention while Nepal’s […]

- island.lk

There was finally something at the T20 World Cup for Pakistan to be happy about as they produced a strong all-round show to record their first win of tournament, beating Canada by seven wickets in New York. The win was set up by the fast bowlers, who combined to pick up six wickets to restrict […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc