උතුරේ ජනතාව අත්විඳින නිදහස ගැන සතුටුවෙන ජූලිචන්ග්
ත්රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්ව සිටි උතුරු පළාතේ ජනතාව අද වන විට අත්විදින නිදහස පිළිබඳ තමා බෙහෙවින් සතුටු වන බව මෙරට ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා.
උතුරු පළාතේ සංචාරයක නිරත වු ඇමෙරිකා තානාපතිවරිය උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවුණා.
ඒ යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදීයි.
එහිදි අදහස් දැක්වු ඇමෙරිකා තානාපතිවරිය කියා සිටියේ උතුරේ ජනතාවගේ අවශ්යතා ඉටුකරදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවයි.
විශේෂයෙන් වසර ගණනාවක් ආරක්ෂක අංශ යටතේ පැවති සිවිල් ජනතාවගේ ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා පියවරෙන් පියවර නිදහස් කිරීමට රජය ක්රියාකර තිබෙනවා.
නැවත පදිංචි කිරිමේ කටයුතු මේ වසරේ අවසන් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්රියාමාර්ගය ද ඇය පැසසුමට ලක්කළා.
ශ්රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඇමෙරිකා රජයේ පූර්ණ සහාය අඛණ්ඩව ලබාදෙන බවයි මෙරට ඇමෙරිකා තානාපතිවරිය වැඩිදුරටත් ප්රකාශ කළේ.
The post උතුරේ ජනතාව අත්විඳින නිදහස ගැන සතුටුවෙන ජූලිචන්ග් appeared first on ITN News.