සෝමාවතිය ජාතික වනෝද්යානයේ සිටින වන අලීන් ගම්වැදීම නිසා ජනතාව දිවා රෑ භීතියෙන්
සෝමාවතිය ජාතික වනෝද්යානයේ සිටින වන අලීන් නිරන්තරයෙන් ගම්වැදීම හේතුවෙන් අවට ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිනවා.
ගොවීන් ගොවිතැන් කටයුතු ආරම්භ කරන විට වනෝද්යානයට ගමන් කරන වන අලීන් අස්වනු නෙලන කාලයේ දී ගම්මානවලට පැමිණෙනවා.
ඒ අනුව තම වගා භූමි නිරන්තරයෙන් වන අලීන්ගේ ග්රහණයට ලක්වන බවයි ගොවින් පවසන්නේ.
අස්වනු නෙලීමෙන් පසු යළි වනාන්රයට ගමන් කිරීම සාමාන්ය සිදුවීමක් වී තිබෙනවා. එවැනි වන අලී රංචුවක් ගුරුගොඩැල්ල වෙල්යායේ දී දැකගත හැකිවුණා.
මේ අතර මහවැලි ඩී කලාපයේ ඩී අටවැව ආසන්නයේ රැදී සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලා කවුඩුල්ල ජාතික වනෝද්යානයට මුදා හැරීමට වනජීවි නිලධාරීන් ක්රියා කළා.
මෙම කිඹුලා නිසා ජනතාවට වැව පරිහරණය කිරීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වයි සිටියේ.
The post සෝමාවතිය ජාතික වනෝද්යානයේ සිටින වන අලීන් ගම්වැදීම නිසා ජනතාව දිවා රෑ භීතියෙන් appeared first on ITN News.