මෙම වසරේ 18 වන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන බලපිටිය පතිරාජ මහා විද්යාලයේ දී
මෙම වසරේ 18 වන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්යාලයේ දී පැවැත්වුණා.
අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදියි සුව උදාන වැඩසටහන ක්රියාත්මක වන්නේ.
විශේෂඥ වෛද්යවරුන්, හෙද හෙදියන් මෙන්ම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් වෛද්ය සායන ක්රියාත්මක වුණා. කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම කරාපිටිය හා බලපිටිය යන රෝහල් වල වෛද්යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය මේ සදහා එක්වුණා.
සුව උදාන වැඩසටහන යටතේ රෝගින් සොයා ගොස් ප්රතිකාර කිරීම සිදුවන බව අමාත්යවරයා මෙහිදි ප්රකාශ කළා.
The post මෙම වසරේ 18 වන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන බලපිටිය පතිරාජ මහා විද්යාලයේ දී appeared first on ITN News.