ගෙදරින් තරහ වී ගඟට පැන්න තරුණියව තරුණයකු විසින් බේරා ගැනේ
කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන තිබෙනවා.
මෙම දැරිය කලවාන දුනුමාගලවත්ත ප්රදේශයේ පදිංචි දැරියක බවත් සිය නිවසින් අමනාපයක් නිසා ඇය මෙලෙස කුකුළේ ගංඟාවට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහා කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
කලවාන මතුගම ප්රධාන මාර්ගයේ පිහිටි කුකුළේ ගග පාලම මතින් ගඟට පනින අයුරු දුටු තරුණයා තම දිවිය ගැන ද නොතකා ගඟට පැන දැරිය බේරාගෙන ඇත.
මේ දිනවල පවතින වර්ෂාපතනය නි කුකුළේ ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. දැරිය ප්රශ්න කිරීම සදහා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
The post ගෙදරින් තරහ වී ගඟට පැන්න තරුණියව තරුණයකු විසින් බේරා ගැනේ appeared first on ITN News.