පශු වෛද්යවරයෙකු ලෙස පෙනී සිට ගවයෙකුට ප්රතිකාර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පශු වෛද්යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් මුදල් අයකර රෝගාතුර වි සිටි ගවයෙකුට ප්රතිකාර කරමින් සිටි පුද්ගලයෙකු දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොටගල ප්රදේශයේ සත්ව ගොවිපොලක රෝගාතුර වි සිටි එළදෙනෙකුට ප්රතිකාර කරමින් සිටින බවට තලවකැලේ ප්රදේශය භාර රජයේ පශු වෛද්ය ඒ.ඒ.සුරේෂ් කුමාර් මහතා වෙත ලද තොරතුරක් මත සුරේෂ් කුමාර් මහතා දිඹුල පතන පොලිසිය සමග එම සත්ව ගොවිපොල වෙත ගොස් සැකකරු සහ සැකකරු සන්තකයේ තිබු ඖෂධ සහ එන්නත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
අවු 58 පමණ වයසැති සැකකාර ව්යාජ පශු වෛද්යවරයා හැටන් කොටගල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු පශු වෛද්යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශය තුල වතු ආශ්රිත ප්රදේශවල සත්ව ගොවිපොලවල් පවත්වාගෙන යන අය වෙත ගොස් රෝගාතුර වි සිටින සතුන්ට මුදල් අය කර ප්රතිකාර ලබාදි ඇති බවත්, සැකකරු විසින් ප්රතිකාර ලබාදුන් ගවයන් විශාල ප්රමාණයක් මිය ගොස් ඇති බවයි තලවකැලේ ප්රදේශයේ භාර රජයේ පශු වෛද්ය ඒ.ඒ.සුරේෂ් කුමාර් මහතා කියා සිටියේ.
සැකකරු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්තාවේ සැකකරු පලාගිය බවත්, පසුව පොලිස් නිලධාරින් සැකකරු ලුහු බැද අල්ලාගත් අවස්තාවේ සැකකරු පලා යනවිට වැටි තුවාල කිහිපයක් සිදු වි ඇති නිසා සැකකරු කොටගල ප්රදේශිය රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පතන පොලිසියේ ස්ථානධිපති ප්රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා ප්රකාශ කළා.
The post පශු වෛද්යවරයෙකු ලෙස පෙනී සිට ගවයෙකුට ප්රතිකාර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.