ගංගා ඇළ දොළ සහ ජලාශ භාවිතයේදී සැලකිල්ලෙන් කටයුතු කරන්න
නිරිත දිග මෝසම සක්රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කැලණි, කළු, ගිං, නිල්වලා, බෙන්තර ආදී ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු ජලාශවල ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පවසනවි.
අත්තනගලු ඔයේ ඉහළ ප්රදේශවල ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කළා.
ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් සෙසු ගංගා සහ ඇලදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා ප්රකාශ කරනවා.
The post ගංගා ඇළ දොළ සහ ජලාශ භාවිතයේදී සැලකිල්ලෙන් කටයුතු කරන්න appeared first on ITN News.