ජනපති සහ ඉන්දුනීසියානු සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්යවරයා අතර හමුවක්

- itnnews.lk

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්වුණා.

ගෝලීය මිශ්ර මූල්ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්රී ලංකාවේ භූමිකාව පිළිබඳ ද සාකච්ඡා විය.

ශ්රී ලංකාව නියෝජනය කරමින් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්රධාන විධායක නිලධාරී, ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මින් මීට එක්ව සිටී අතර, ඉන්දුනීසියානු රජය නියෝජනය කරමින් එරට සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්යාංශයේ ලේකම් අයෝධායි ජී. එල්. කලාකේ (Ayodhia G.L Kalake), වන හා පරිසර කළමනාකරණය පිළිබඳ නියෝජ්ය සම්බන්ධීකරණ අමාත්ය නානි හෙන්ඩියාර්ට් (Nani Hendiarti), යටිතල පහසුකම් සහ ප්රවාහනය පිළිබඳ නියෝජ්ය සම්බන්ධීකරණ අමාත්ය රහ්මත් කයිමුද්දීන් (Rahmat Kaimuddin), සමුද්රීය සම්පත් පිළිබඳ නියෝජ්ය සම්බන්ධීකරණ අමාත්ය ෆිර්මාන් හිදායත් (Firman Hidayat), දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක චෙරී නුර් සලිම් (Cherie Nur Salim) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

The post ජනපති සහ ඉන්දුනීසියානු සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්යවරයා අතර හමුවක් appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Fly Highdream Big appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Philip Gunawardena: Who Is Ready To Serve ? appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post NPP Beware! appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Provincializing Universities: The Risks & Dangerous Precedent Of The Newly Proposed NEPF appeared first on Colombo Telegraph.

- island.lk

Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena stressed the necessity of adhering to the loan agreements with the International Monetary Fund (IMF) irrespective of who is in power in Sri Lanka. He also said that  parties aspiring to clinch state power have an obligation to disclose to the country.of their compliance with […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc