ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්රාන්ත රැසකට රතු නිවේදන
ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්රාන්ත රැසකට උෂ්ණාධික කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
දිල්ලි , හර්යානා ,පංජාබ් හා රාජස්තාන් යන ප්රාන්තයන්ට ඉදිරි දින 5ක කාලය තුළ දී අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවා යාමේ අවධානමක් පවතින බව ද ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එමෙන්ම උත්තර ප්රදේශ් හා බිහාර් යන ප්රාන්තවල ජනතාවට ද දැඩි අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.
විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි අවදානයෙන් පසුවන ලෙස ද කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
The post ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්රාන්ත රැසකට රතු නිවේදන appeared first on ITN News.