ප්රගීත් එක්නැලිගොඩ: නඩු විභාගයට තුන්වන වරටත් නව විනිසුරු මඩුල්ලක් පත් කෙරුණේ ඇයි?
ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ වරින් වර ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් කල් යමින් පැවැති මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් නව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.