යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගනී
ශ්‍රී ලංකාවට මහත් ජයග්‍රහණයක් ලබා දෙමින් වසර 24 කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණයක් ලබාදීමට යුපුන් අබේකෝන් සමත් වුණා. ඒ මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්.
යුපුන් අබේකෝන් අවසන් තරගයේ තෙවන ස්ථානය දිනාගත්තේ තත්ත්පර 10 දශම එකයි හතරකින් තරගය නිමා කරමින්. දෙවන ස්ථානය හා කරට කර තරග කරමිනුයි මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ. ඔහුට රිදී පදක්කම ගිලිහුනේ මිලි තත්ත්පර එකකිනි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසයි යුපුන් අබේකෝන් ඉතිහාසගත වන්නේ.
මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයකින් පදක්කමක් දිනාගත්තේ සුගත් තිලකරත්නයි. ඒ 1998 වසරේයි.රන් පදක්කම හිමි වූයේ කෙන්යාවටයි.
The post යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගනී appeared first on ITN News.