ටෙක්සාස් ප්රාන්තයට හදිසි තත්ත්වයක්
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා ටෙක්සාස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමගයි හදිසි ගංවතුර තත්ත්වය හටගත්තේ. ඇතැම් ප්‍රදේශයන්ට පසුගිය පැය 24 ට පමණක් ලැබී ඇති වර්ෂාපතනය අගල් 15 ද ඉක්මවා ඇති බව ඇමෙරිකා ජාතික කාලගුණ සේවය නිවේදනය කරනවා. ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්. ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර මහාමාර්ගයන්හි නවතා ඇති රථවාහන ජලයෙන් යටව ඇති අයුරු ද මාධ්‍ය වාර්තා කළා. 1932 වසරේ සැප්තැම්බර් මාසයට පසු ටෙක්සාස් ප්‍රාන්තයට පැය 24 ක් ඇතුළත ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය ලෙසයි සැලකෙන්නේ.
The post ටෙක්සාස් ප්රාන්තයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.