කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද අළුයම (29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය විසින් යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ධාවනය කළ සැකකටයුතු වෑන් රථයක් තොන්ඩමනාරු පාලම අසලදී පරික්ෂාවට ලක්කරන ලදී. එහිදී, එම වෑන්රථය තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ ගෝනි උර දෙකක අසුරන ලද කේරල ගංජා කිලෝ 51 ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම වෑන් රථය මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 15 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, කේරල ගංජා තොගය සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා අච්චුවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
The post කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.