මෛත්රීට සහ දයාසිරිට නොතීසි
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොණු කළ නඩුවට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට නොතීසි නිකුත් කළා.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමිනුයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම නඩුව ගොණු කර ඇත්තේ. සමස්ත ලංකා කාරක සභාව නමින් රැස්වීමක් සංවිධාන කර සැප්තැම්බර් 2 වනදා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බව විත්තිකරුවන් ප්‍රකාශ කළේ යැයි ද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.
එවන් කාරක සභාවකට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට නීත්‍යනුකූල බලයක් නැති බවයි ඔහු සදහන් කළේ. කරුණු සළකා බැලූ කොළඹ දිසා අධිකරණය විත්තිකරුවන්ට ලබන 19 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.
The post මෛත්රීට සහ දයාසිරිට නොතීසි appeared first on ITN News.