කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අජිත් නිවාඩ් කබරාල් මහතා රුපියල් ලක්ෂ දහය බැඟින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරීමටත් කොළම අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර නීර්ති තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් යලි කැඳවු අවස්ථාවේ මෙම නියෝගය සිදු කළා.
The post කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ appeared first on ITN News.