ඉන්ධන හිඟයක් නැහැ – ඛනිජ තෙල් සංස්ථාව
පෙට්‍රල් ඇතුළු සෙසු ඉන්ධන අවශ්‍යතරම් තොග පවතින බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඇතැම් පිරිස් ඉන්ධන හිඟයක් මවා පෑමට උත්සාහ දරන බවයි සංස්ථාව චෝදනා කරන්නේ.
මිල සූත්‍රයකට අනුව සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය කරන බවට විෂය භාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට අනුව පසුගිය මාස කිහිපයේ අවස්ථා කිහිපයකදී මිල සංශෝධනය කෙරුණා. ඒ අනුව මෙම මාසයේදී මිල අඩුවනු ඇති බවට වන සැකය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් නිසි පරිදී ඇනවුම් සිදුකර නැති බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරන්නේ. ඒ හේතුවෙන් ඉන්ධන තොග පිරවුම්හල්වල නොමැති වීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම් ද නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ අවශ්‍යතරම් ඉන්ධන තොග පවතින අතර කිසිදු ඉන්ධන හිඟයක් රටතුළ නොමැති බවයි. පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
The post ඉන්ධන හිඟයක් නැහැ – ඛනිජ තෙල් සංස්ථාව appeared first on ITN News.