නාමල් ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට
ගෝඨා ගෝ ගම අරගලයේ යෙදුන පිරිසට පහර දීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරුණා.
නාමල් රාජපක්ෂ මහතාට එරෙහි විදෙස් ගමන් තහනම මාසයක කාලයක් සදහා ඉවත් කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඒ රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුවයි.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සතියක කාලයක් සදහා ඉන්දියාවට යාමට අවසර ඉල්ලා කළ ඉල්ලීම පිළිබද නියෝගය අනිද්දා තෙක් කල්තැබුනා.
The post නාමල් ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට appeared first on ITN News.