පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසකට උසස්වීම්
පොලිස් නිලධාරීන් 9,417 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ.
උසස් කිරීමට නියමිත පොලිස් නිලධාරීන් අතර පොලිස් නිලධාරීන් 8, 312 ක් සහ නිලධාරිනියන් 1,005 ක් ඇතුළත් වන අතර, ඒ යටතේ පොලිස් කොස්තාපල් (PC) තනතුරේ සිට පොලිස් පරීක්ෂක (IP) දක්වා උසස් කිරීමට නියමිතයි.
The post පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසකට උසස්වීම් appeared first on ITN News.