සේපාල් අමරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට
දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සේපාල් අමරසිංහගේ ඇප ඉල්ලීම පිළිබද නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. එතෙක් ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ සිද්ධියට අදාළව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි. ඒ අනුව පුරාවිද්‍යා පනත යටතේ සැකකරු වරදක් සිදුකර ඇති බවට කරුණු හෙළිවී ඇති බවද ප්‍රකාශ කෙරුණා. සැකකරු නිදහස් ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන බව පැවසුව ද ඔහු ජාවාරම් කරුවෙකු යැයි ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ආන්දෝලනාත්මක ප්‍රකාශ යූ ටියුබ් නාලිකාවට මුදාහැර ඩොලර් ඉපැයීම ඔහුගේ අරමුණ බව සදහන් කළා.
The post සේපාල් අමරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.