විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම් සහිත පාඨමාලා ආරම්භ කිරීමට අධ්යාපන අමාත්යංශයේ අවධානය
බෙලරුස් උසස් අධ්‍යාපන ආයතනය සමඟ මෙරට උසස් අධ්‍යාපන ආයතන අනුබද්ද කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම් සහිත පාඨමාලා ආරම්භ කිරීමට අධ්යාපන අමාත්යංශයේ අවධානය යොමුවී තිබෙනවා.
බෙලරුස් තානාපති ඇන්ඩ්‍රි අයි රිෂෙව්කි මහතා හා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණා. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර යේ උන්නතිය වෙනුවෙන් බෙලරුස්හි උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට මෙන්ම ද්වීපාර්ශ්වික වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී අවධානය යොමුවුණා. වෘත්තීය පුහුණු අධිකාරිය , ජාතික අධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය , නිපුණතා සංවර්ධන අරමුදල , උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනය, හරිත සරසවිය ,මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතනයන්හි ප්‍රධානීන් සමඟ ද බෙලරුස් තානාපතිවරයා සාකච්ඡාවක නිරත වුණා. නිපුණතා සංවර්ධනය , තාක්ෂණික අධ්‍යාපනය , විද්‍යාව හා තාක්ෂණික ක්ෂේත්‍රවල පුහුණු වැඩසටහන් හා හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් පූර්ණ සහයෝගය ලබාදීමට බෙලරුස් තානාපතිවරයා මෙහිදී පොරොන්දු වුණා.
The post විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම් සහිත පාඨමාලා ආරම්භ කිරීමට අධ්යාපන අමාත්යංශයේ අවධානය appeared first on ITN News.