ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ තවත් බස් රථ 40ක් මගී ප්රවාහනයට
ඉන්දීය ණය යෝජනා ක්රමය යටතේ මගී ප්‍රවාහනයට නව බස් රථ ලබාදීමේ තුන්වන අදියර පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතන පරිශ්‍රයේදී සිදු වුණේ.
75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා මෙම වසර තුළ බස් රථ 500 ක් ධාවනයට එක්කිරීමට සැලසුම් කෙරුණා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි. මෙම වැඩසටහනේ තුන්වන අදියර යටතේ ලංගම ඩිපෝ වෙත බස් රථ භාරදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 165 ක් අදියර තුනක් යටතේ මේ වන විට ධාවනයට එක් කර තිබෙනවා. එළඹෙන අලුත් අවුරුදු සමයට පෙර නව බස් රථ 500 ධාවනයට එක් කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, රෝහණ දිසානායක, හා චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ තවත් බස් රථ 40ක් මගී ප්රවාහනයට appeared first on ITN News.