සටන් විරාමය මධ්යයේ සුඩානයේ ගැටුම් උග්ර වෙයි
සටන් විරාමය මධ්යයේ සුඩානයේ ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙනවා.
ඊද් උත්සවය හේතුවෙන් දින 3ක සටන් විරාමයක් සදහා සුඩානයේ ගැටුම් ඇතිකරගෙන තිබෙන පාර්ශ්වයන් විසින් ඊයේ දිනයේ දී එකඟතාවකට පැමිණියා.
කෙසේ වෙතත් ඊයේ දිනයේදීම සුඩාන අගනුවර වන කාර්ටුම් හි පිපිරීම් කිහිපයක් වාර්තා වුණා.
දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති අතර අගනුවර හැරගිය පිරිස විසිදහස ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.
The post සටන් විරාමය මධ්යයේ සුඩානයේ ගැටුම් උග්ර වෙයි appeared first on ITN News.