ඉන්දීය ගුවන් හමුදා ප්රධානි සහ ශ්රී ලංකා ගුවන් හමුදාපති අතර හමුවක්
දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවුණා.
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ඊයේ දිනයේ මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා අතර හමුව ගුවන් හමුදා මුලස්ථානයේ දී පැවැත්වුණා. එම පරිශ්‍රයට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ඇතුළු දූත පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණ දෙන නිලධාරියා විසින් පිළිගනු ලැබුවා. මෙහිදී සම්මාන මුර පෙළපාලියකින් හමුදා ආචාර ද පිරිනැමුනා. අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සහ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා අතර නිළ සාකච්ඡා පැවැත්වුණා.
කලාපීය ගුවන් හමුදා සහයෝගීතාව වර්ධන කර ගැනීම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
The post ඉන්දීය ගුවන් හමුදා ප්රධානි සහ ශ්රී ලංකා ගුවන් හමුදාපති අතර හමුවක් appeared first on ITN News.