යුපුන් අබේකෝන් ජයග්රහණයකින් 2023 තරග වාරය අරඹයි
මෙම වසරේ සහභාගී වූ පළමු තරගයම ජයග්‍රහණයකින් අවසන් කිරීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.
ඉතාලියේ පැවැති ෆයර්න්ස් ස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරගාවලියේ දී මීටර් 200 තත්පර 20.60ක කාලයක් වාර්තා කරමින් ආසියාවේ වේගවත්ම කෙටි දුර ධාවක යුපුන් අබේකෝන් තවත් ජාතික වාර්තාවක් තැබීය.
එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
මේ අතර, පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ යුපුන් අබේකෝන් ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මෙන්ම මීළඟ 2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට දැනටමත් සුදුසුකම් ලබා තිබෙනවා.
The post යුපුන් අබේකෝන් ජයග්රහණයකින් 2023 තරග වාරය අරඹයි appeared first on ITN News.