දූෂණ විරෝධී පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතට, යෝජිත සංශෝධන පිළිබඳව සාධාරණ හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වුණා.
සාධාරණ හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.
දූෂණයට එරෙහි සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්, ප්‍රමිති සහ ප්‍රශස්ත පරිචයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත විධිවිධාන බලාත්මක කිරීම සඳහා ද, වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස්, දූෂණ සහ වැරදි පිළිබඳ චෝදනා සහ ආශ්‍රිත වැරදි අනාවරණය සහ විමර්ශනය කිරීමට, සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස්, දූෂණ වැරදි සහ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට විධාන කිරීමට සහ නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, මෙම සංශෝධන ඉදිරිපත් කොට තිබෙනවා.
උක්ත පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේද අවධානයට යොමු වුණා.
විපක්ෂය විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී එක් කිරීම සඳහා යෝජනා කරන ලද සංශෝධන සම්බන්ධයෙන් කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වුණා.
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ කල් තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, තලතා අතුකෝරල, ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගි වුණා.
The post දූෂණ විරෝධී පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය appeared first on ITN News.