ශ්රී ලංකාව සහ කොරියාව අතර අධ්යාපන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට දකුණු කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙරට ශ්‍රමිකයන්ට කොරියානු රජයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් සහ වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළ කළා.
ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ ඒ මහතා ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසුවා.
එසේ ම මෙරට සිසුන්ට හා ශ්‍රමිකයන්ට කොරියාවේ අධ්‍යාපන හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳ ව ද කොරියානු තානාපතිවරයාගේ අවධානය යොමු කරවීමට සුසිල් ප්‍රේමජයන්ත මහතා උත්සුක වුණා.
The post ශ්රී ලංකාව සහ කොරියාව අතර අධ්යාපන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.