අසාධ්ය තත්වයේ සිටි වන අලියෙකුට ප්රතිකාර
හොඬවැලේ තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් ගිරාදුරු කෝට්ටේ ගින්නොරුව රක්ෂිතයේ සිටින වන අලියෙකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කෙරුණා.
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වන අඩවි ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම අලියා සිටින ප්‍රදේශය නිරීක්ෂණය කර තිබෙනවා.
පසුව එම තොරතුරු මධ්‍යම කලාප භාර පශු වෛද්‍යවරයා ඇතුලු නිලධාරීන්ට ලබා දී එම නිලධාරීන් අදාළ ස්ථානයට ගෙන්වා ගැනීමෙන් පසුවයි ප්‍රතිකාර ආරම්භ කෙරුණේ.
මෙම අලියාගේ හොඩවැල මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් යකඩ මන්දකට හසුවී තිබෙනවා. මන්ද සහිතව සිටි අලියාගේ හොඩවැල දරුණු ලෙස තුවාල වී ආහාර ගැනීමට පවා නොහැකිව සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ. පසුව අලියා නිර්වින්දනය කර ශල්‍යකර්මයකින් යකඩ මන්ද ඉවත්කර තිබෙනවා. අනතුරුවයි තුවාලවලට ප්‍රතිකාර කර තිබෙන්නේ. කන්කෑල්ලා යනුවෙන් ප්‍රදේශවාසීන් හදුන්වන මෙම වන අලියාගේ වයස අවුරුදු 25ත් 35ත් අතර වනවා.
The post අසාධ්ය තත්වයේ සිටි වන අලියෙකුට ප්රතිකාර appeared first on ITN News.