ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානිය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට ජලය සැපයෙන්නේ බව්සර් මගින්.
ආපදා කලමනාකරණ නිලධාරීන් සඳහන් කළේ එම සැපයුම් සඳහාද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි වැනි දිස්ත්‍රික්කවල ජල උල්පත් ළිං හෝ වෙනත් ජල උත්පාදන ස්ථාන නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් තුළ ජලය අරපිරිස්මැන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න appeared first on ITN News.