පළාත් පාලන ආයතන උපයාගන්නා මුදල් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය

- itnnews.lk

පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

සභාපතිවරයා ඒ අදහස් පලකළේ පසුගියදා (2023.08.29) පාර්ලිමේන්තුවේදී, 2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, 2004 වර්ෂයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල 1980 දශකයට අදාළ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූ බවයි.

එහෙත් මෙම කමිටුවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ආයතන ගණනාවක් විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව ද අලගියවන්න මහතා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දක්වමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රජය ගෙනයන වැඩ පිළිවෙල පිළිබඳව ලෝක මුල්‍ය සංවිධාන සතුට පළකර ඇති බවයි.

රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන යාන්ත්‍රණය එක්ව කටයුතු කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළා.

එමෙන්ම රට බංකලොත් යැයි ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඉන් රට මුදවා ගැනීමටල සකස් කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට හා ඒවා සුරැකීමට කැපවිය යුතු බවද අවධාරණය කළා.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන හා ආයතන ප්‍රධානීන් තවදුරටත් තම ආයතන වලට වග කියන ආකාරයට නීති ශක්තිමත් විය යුතු බවයි.

2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක ලකුණු ලබාගත් රාජ්‍ය ආයතන අගයමින් සහතිකපත් 113ක් ලබා දීම මෙහිදී සිදු කෙරුණා.

බස්නාහිර පළාත තුල රාජ්‍ය ආයතන 45ක් සඳහා ගරු සභාපති තුමන් හා අනෙකුත් සමාජික මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අතින් සහතික පත් ලබා දීම සිදු කෙරුණු අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අනෙකුත් පළාත් වල රාජ්‍ය ආයතන 60ක් සඳහා සහතික පත් ලබා දීම සිදු වුණා.

මේ අවස්ථාව සඳහා රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල යන මහත්වරුන්, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ලේකම් චින්තා බුලත්සිංහල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

The post පළාත් පාලන ආයතන උපයාගන්නා මුදල් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය appeared first on ITN News.

You may also like

- colombogazette.com

Two care home owners in the UK say they would be unable to cope without the help of foreign staff from countries like Sri Lanka. Lakshmy and Philip Pengelly, who own Ashley Court Care Home in Llanelli, Carmarthenshire, said they had been forced to cut occupancy at their home because of staffing issues – until […]

- adaderana.lk

The Madras High Court has directed the Indian Home Ministry to process an application filed by a Sri Lankan refugee, who has been reportedly residing in India since 1990, for Indian citizenship and pass a speaking order, either accepting or rejecting his plea.

- adaderana.lk

Oman, represented by the Ministry of Agriculture, Fisheries and Water Resources, and Sri Lanka, represented by the Ministry of Agriculture and Plantation Industries, signed a Memorandum of Understanding (MoU) in the field of Agriculture.

- adaderana.lk

Twenty newly-recruited officers to the Sri Lanka Foreign Service were welcomed to the Ministry by Foreign Secretary Aruni Wijewardane today (11).

- island.lk

At least 49 people from the Horn of Africa have died after their boat capsized off the coast of Yemen, according to the UN’s International Organization for Migration (IOM). Among the dead were six children and 31 women. Survivors told rescuers that the vessel, carrying 260 migrants, sank on Monday in strong winds. The search […]

- island.lk

The wreck of a plane carrying Malawi’s vice-president has been found with no survivors, President Lazarus Chakwera has said. Saulos Chilima and nine others were flying within the country on Monday morning when their aircraft disappeared from airport radars.  The plane, a military aircraft, was flying in bad weather. Soldiers had been searching Chikangawa Forest […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc