ආයුර්වේද වෛද්යවරුන්ට වෙදගමින් ලබා දී තිබූ ඉඩම්වල අයිතිය පවරමින් සින්නක්කර ඔප්පු
දේශීය හා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වෙදගමින් ලබා දී තිබු ඉඩම්වල අයිතිය පවරමින් වසර 40කට පසු සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ගම්උදාව සංකල්පය යටතේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙදගම ගම්මානය විවෘත කෙරුණේ 1983 වසරේ ජූලි 10 වනදායි.
එය දේශීය සහ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ඉදිකළ ගම්මානයක් වන අතර වෛද්‍යවරුන් 24 දෙනෙකුට නොමිලේ නිවසක් සහ ඉඩමක් ලබාදීමටයි කටයුතු කෙරුණේ.
එම ඉඩම්වල සින්නක්කර අයිතිය පවරා දීමට කටයුතු නොකිරීම හේතුවෙන් වෛද්‍යවරුන් ගම්මානයෙන් ඉවත්ව යාමට පටන් ගත්තා.
කැඩුම් බිඳුම් වෙදකම සිදුකරන විශේෂඥ වෛද්‍ය එස් එම් සේන බණ්ඩාර මහතා පමණයි මේ වන විට ගම්මානයේ රැඳී සිටින්නේ.
මෙම තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එම ඉඩම් අයිතිය පවරා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
ඊට අනුමැතිය ලැබී ඇති බවත් කඩිනමින් මෙම වෛද්‍යවරුන්ට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අප කළ විමසුමක දී සඳහන් කළා.
The post ආයුර්වේද වෛද්යවරුන්ට වෙදගමින් ලබා දී තිබූ ඉඩම්වල අයිතිය පවරමින් සින්නක්කර ඔප්පු appeared first on ITN News.