ගංගා දෙකක ජල මට්ටම් ඉහළට
පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වර්ධනය වී තිබෙනවා.
අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් දක්වා පැමිණ ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් තිබෙන බවයි.
The post ගංගා දෙකක ජල මට්ටම් ඉහළට appeared first on ITN News.