අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15495 දෙනෙකු පීඩාවට
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පහලොස්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකින් ජල ගැලීම් වාර්තා වනවා. කළු, ගිං නිල්වලා ගංගා සහ අත්තනුගලු ඔය පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් යටවී තිබෙනවා.
කැළණි ගග ද පිටාර මට්ටමට ආසන්න බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. මුදා ගැනීමේ මෙහෙයුම් සදහා ත්‍රීවිද හමුදාව ද යොදවා තිබෙනවා.
ආපදා හේතුවෙන් මේ වන විට පවුල් 3672 පුද්ගලයින් 15495 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
The post අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15495 දෙනෙකු පීඩාවට appeared first on ITN News.