සුහදශීලී කාර්යක්ෂම රාජ්ය සේවයක් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් – පා.ම ජගත් කුමාර

- itnnews.lk

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ,

“විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් මෙරට රාජ්‍ය ආයතන ගණනාවක් සමඟ කටයුතු කරමින් සිටිනවා.

ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රශස්ත සේවාවක් ලබාදෙන්නේ කොහොමද කියන කාරණය මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම කාරක සභාව එක කාරණයකට පමණක් සීමා වී නැහැ.

මෙරට රාජ්‍ය ආයතන, දේශපාලන අධිකරිය සහ පාර්ලිමේන්තුව සැලකුවත් යම් මට්ටමකට විවෘතභාවය, වගවීම අඩු බවක් පෙනෙන්නට තිබෙනවා.

සියලු සේවාවන් සපයන රාජ්‍ය ආයතන වගවීම පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතුයි.

ජනතාවට වැඩි සේවාවක් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වැනි ආයතන සමඟත් කාරක සභාව සාකච්ඡා කර තිබෙනවා.

අද වන විට සමාජය චෝදනා එල්ල කරන්නේ මහජන නියෝජිතයන්ට පමණයි.

නමුත් රට ඉදිරියට ගෙන යෑමේදී ජනතාව රාජ්‍ය ආයතනවලින් ද ප්‍රශස්ත සේවාවක් බලාපොරොත්තු වෙනවා.

එම ආයතන මගින් සිදුවිය යුතු සේවාවන් සිදු නොවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට චෝදනා එල්ල කිරීම ප්‍රතිඵලදායක නැහැ.

ඊට එහා ගිය වැඩපිළිවෙළක් තුළින් රාජ්‍ය ආයතන ජනතාවට වඩාත් සමීප කරවිය යුතුයි.

තවද මුදල් කොමිෂන් සභාව හරහා පළාත් සභාවලට මුදල් ලබාදීමේදී යම් නියාමනයක් සිදුවිය යුතුයි.

ඒ සම්බන්ධව යම් නියාමන ක්‍රමවේද භාවිත කළ යුතු බව කාරක සභාව හරහා නිර්දේශ ලබාදී තිබෙනවා.

එසේම පොලිස් දෙපාර්තමේන්තුව සිය රාජකාරිය නිසියාකාරව සිදු කරනවා ද කියන කාරණය සම්බන්ධවත් සොයා බැලීමක් සිදු කළා.

රටේ අපරාධ වැළැක්වීමටත්, මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැළැක්වීමටත් අවශ්‍ය පියවර සහ ක්‍රමවේද ගැනත් සාකච්ඡාවට ලක් වුණා.

සියලු පාර්ශවයන්ගේ අදහස් සහිතව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කමිටුව තීරණය කර තිබෙනවා.

මෙහිදී රටේ වගකිව යුතු රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට වගවීමත් අරමුණු කරගෙන කටයුතු කිරීමට සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට මෙම මාර්ගෝපදේශ මාලාව වැදගත් වනු ඇතැයි විශ්වාස කරනවා.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කරනු ලබන්නේ ජනාධිපති ලේකම් ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විද්වතුන්, ජනතාවගේත් අදහස් ලබාගෙනයි. මේ සමඟ සියලු පාර්ශ්ව තම වගවීම පිළිබඳව අවබෝධයක් ඇතිව වැඩ රාජකාරි සිදුකළ කළ යුතුයි.

එසේ නොමැතිව දේශපාලනඥයන්ට පමණක් චෝදනා කළ පමණින් තුළින් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ.

රට ගොඩනැඟීමට නම් යම් යම් උපක්‍රම වගේම, අවංකභාවයකින් වැඩ කිරීමටත් අවශ්‍යයි.

එසේ කළහොත් මේ රට හදන්න පුළුවන්.

මේ සඳහා මාධ්‍ය ආයතනවල සහායත් අවශ්‍ය කරනවා.

මාධ්‍යයත් නිසි වගවීමකින් යුක්තව කටයුතු කළහොත් මේ රටට විශාල වැඩකොටසක් කරන්න පුළුවන් වගේම, රට හොඳ තැනකට ගෙන යෑමට හැකියාව තිබෙනවා.

ඒ වගේම මේ රටේ ආබාධිත පුරවැසියන් විශාල සංඛ්‍යාවක් සිටිනවා.

ඔවුන් මැතිවරණවලදී සිය ඡන්දය භාවිත කිරීමට යෑමේදී ගැටලු රැසකට මුහුණ දෙනවා.

එම ගැටලු මඟහරවා ගැනීමට ආබාධිත අය සඳහා විශේෂිත හැඳුනුම්පතක් ලබාදීමට ද කටයුතු කරනවා.

ඡන්දය භාවිත කළ බවට යොදා ගන්නා තීන්ත ගෙන්වීමට විශාල මුදලක් වැය වෙනවා.

මේ වන විට ජාතික හැඳුනුම්පත අනිවාර්යය කර තිබෙන නිසා අක්‍රමිකතා සිදු කරන්න බැහැ.

ඒ නිසා මැතිවරණ සඳහා යන වියදම අවම කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ද කාරක සභාව යෝජනා කර තිබෙනවා.”

The post සුහදශීලී කාර්යක්ෂම රාජ්ය සේවයක් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් – පා.ම ජගත් කුමාර appeared first on ITN News.

You may also like

- adaderana.lk

A taxi driver was sentenced to 10 years of rigorous imprisonment by the Colombo High Court for raping an underage girl nearly a decade ago.

- adaderana.lk

Malawi s vice president and nine others were killed in a plane crash, the country s president said Tuesday.

- colombotelegraph.com

[…]The post Uncertainty About Elections Can Cause Instability appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post මැතිවරණ සහ ප්රජාතන්ත්රවාදය නැවත පරිකල්පනය කිරීම appeared first on Colombo Telegraph.

- island.lk

The nature of the T20 World Cup 2024 scheduling means what cannot be forgotten must at least be shelved temporarily. Pakistan may have time to process their heartache after the defeat against India which promises to leave scars well after this tournament has been consigned to a distant, unpleasant memory. However, they do not have […]

- island.lk

Recipients of scholarships under the  ‘Presidential Scholarship Program 2024/25 in the Colombo District, will be awarded their  scholarships  at a ceremony to be held at Temple Trees under the patronage of President Ranil Wickremesinghe, on 19th June. The ‘Presidential Scholarship Program 2024/25,’ was initiated to  ensure unhindered access to education to students who have excelled […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc