පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 07ක් විවෘත වෙයි
ඉහළ මහවැලි පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු 07ක් ඊයේ (12) පස්වරුවේ විවෘත කිරීමට එහි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000ක ජල ධාරිතාවයක් පහළ වික්ටෝරියා ජලාශයට මුදා හැරෙනවා.
ජලාශයේ ජල මට්ටම් ඉහළ යාමත් සමඟ දොරටු විවෘත කරන බැවින් පහළ ප්‍රදේශයේ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ද එම කාර්යාලය මහජනයාට දැනුම් දෙනවා.
The post පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 07ක් විවෘත වෙයි appeared first on ITN News.