ඉන්දියාවේ කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
ඉන්දියාවේ, කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් Basil Mwambingu Mwakale ඊයේ (2023 ඔක්තෝබර් 17) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවුණා.
කර්නල් Basil Mwambingu Mwakale, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ කෙන්යානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ කෙන්යානු ආරක්‍ෂක උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණා.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.
The post ඉන්දියාවේ කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.