මෙරට විශ්ව විද්යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්ට ජපානයේ සීමාවාසික පුහුණුවක්
මෙරට විශ්ව විද්යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම නියෝජිත පිරිස අද දින (01) වැවිලි කර්මාන්තයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති, Asian Human Resource Bank හි නියෝජිත Kikuchi Fumia සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුළපති මහාචාර්ය පද්මලාල් මානගේ යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි විය.
කෘෂිකර්ම විෂය පමණක් නොව වැවිලි බෝග සම්න්ධව විෂය හදාරණ සිසුන් සඳහා ද මෙම සීමාවාසික පුහුණුව ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
මෙම සීමාවාසික පුහුණුව ලබන කාලය තුළ මාසිකව යෙන් 146,960ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 328,341ක දීමනාවක් ලබා දීමට නියමිතය.
පුහුණු කාලය වසරකි. මෙම කාලය තුළ ඉහත දීමනාව ලබා දෙන අතරම ආහාරපාන හා නේවාසික පහසුකම් මෙන්ම ගුවන් බලපත්‍ර නොමිලයේ ලබා දීමට ද තීරණය කර ඇත.
මීට අමතරව ජපන් භාෂාව පිළිබඳ උසස් පුහුණුවක් ලබා දීම හා ජපානයේ ගොවිපොළවල උසස් තාක්ෂණික පුහුණුවක් ද ලබා දීමට කටයුතු කරන බව නියෝජිත පිරිස ප්‍රකාශ කළේය.
මෙම වැඩ පිළිවෙළ යටතේ ජපානයේ Bogor Agriculture University (National), Yogiyakarta University (National), Severas Mallet University (National) යන උසස් අධ්‍යාපන ආයතන තුන තුළ මෙම සීමාවාසික පුහුණුව ලබා දීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ප්‍රමාණය වාර්ෂිකව 100ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.
එමෙන්ම කෘෂිකර්ම විෂයට පමණක් නොව ජපානයේ වැවිලි කර්මාන්තය ආශ්‍රිතව ඉහළ තාක්ෂණය භාවිතා කරන බැවින් ඒ සඳහා ද අප රටේ සිසුන් පුහුණු කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස ඉල්ලා සිටියේය.
The post මෙරට විශ්ව විද්යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්ට ජපානයේ සීමාවාසික පුහුණුවක් appeared first on ITN News.