සෞඛ්ය වෘත්තීය සමිති 72ක් වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.
ඒ රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින්.
ඒ සම්බන්ධයෙන් ඊයේ දහවල් ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් අද දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේ .
The post සෞඛ්ය වෘත්තීය සමිති 72ක් වර්ජනයකට සැරසෙයි appeared first on ITN News.