තල්, කිතුල් සහ පොල් ගස් මඳින හා ගෙඩි කඩන අයට ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට අනුමැතිය

- itnnews.lk

මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීමේ ආශ්‍රිතව කටයුතු කරන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතිකපතක් විධිමත් සති දෙකක පුහුණුවකින් පසු ලබා දීමට අනුමැතිය ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබා දෙන ජාතික වෘත්තිය නිපුණතා -03 (NVQ -3) මට්ටමේ සහතික පතක් මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන සෑම පුද්ගලයෙකුටම ලබා දීමට පියවර ගන්නා බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේය.

තල්, කිතුල් සහ පොල් ආශ්‍රිත කටයුතු කරන පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන්නැයි අමාත්‍යවරයා තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව අදහස් පළ කළ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා එම පුද්ගලයින්ගේ ජීවිතාරක්ෂාව හා සුබසාධනය උදෙසා මෙම NVQ-3 මට්ටමේ සහතික පතක් හා සති දෙකක පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති බව දැනුම් දුන්නේය.

මීට අදාල පුහුණුව යටතේ ගස් බඩගෑම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ඨන හා ගසෙන් ඇද වැටීම මගින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ලබයි.

එමෙන්ම මෙම කටයුතුවල නිරතවන පුද්ගලයින්ට ස්වයං රැකියාවක් හෝ ව්‍යවසායකත්ව හැකියා වර්ධනය සඳහා සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය ආධාරයක් ලබා දීමට ද මේ වනවිට සැළසුම් කර ඇත.

මීට අමතරව තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම හා ගෙඩි කැඩීම වැනි කටයුතුවල නිරත පුද්ගලයින්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එම වැඩපිළිවෙළ සකස් කිරීමට යෝජිතය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම කටයුතුවල නිරත වන බොහෝ පුද්ගලයින් හදිසි අනතුරුවලට ලක්ව ජීවිතය අහිමි වූ අවස්ථාවන් හි දී සහ පූර්ණ ආබාධිත තත්ත්වයන්ට ලක් වූ විට එම පවුල්වල සාමාන්‍ය ජීවිත තත්ත්වයන් මුළුමනින්ම බිඳ වැටෙන බවත් එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන්නේය.

 

The post තල්, කිතුල් සහ පොල් ගස් මඳින හා ගෙඩි කඩන අයට ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට අනුමැතිය appeared first on ITN News.

You may also like

- adaderana.lk

A taxi driver was sentenced to 10 years of rigorous imprisonment by the Colombo High Court for raping an underage girl nearly a decade ago.

- adaderana.lk

Malawi s vice president and nine others were killed in a plane crash, the country s president said Tuesday.

- colombotelegraph.com

[…]The post Uncertainty About Elections Can Cause Instability appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post මැතිවරණ සහ ප්රජාතන්ත්රවාදය නැවත පරිකල්පනය කිරීම appeared first on Colombo Telegraph.

- island.lk

The nature of the T20 World Cup 2024 scheduling means what cannot be forgotten must at least be shelved temporarily. Pakistan may have time to process their heartache after the defeat against India which promises to leave scars well after this tournament has been consigned to a distant, unpleasant memory. However, they do not have […]

- island.lk

Recipients of scholarships under the  ‘Presidential Scholarship Program 2024/25 in the Colombo District, will be awarded their  scholarships  at a ceremony to be held at Temple Trees under the patronage of President Ranil Wickremesinghe, on 19th June. The ‘Presidential Scholarship Program 2024/25,’ was initiated to  ensure unhindered access to education to students who have excelled […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc