ගාසා තීරයේ සිරවී සිටින ලක්ෂ 3ක් සාගතයකට ගොදුරුවීමේ අවදානමක්
ගාසා තීරයේ උතුරේ සිරවී සිටින ලක්ෂ 3ක පිරිසක් සාගතයකට ගොදුරු වීමේ බියක් මතුව තිබෙනවා.
උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් ලක්ෂ 3කට අධික පිරිසක් කොටු වී සිටිනවා.
සැපයුම් අවහිර වීමෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සාගතයක් පිලිබඳ බියක් ඇතිව තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ දකුණු රෆා නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ළමයින් පස් දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 14 දෙනෙකු මිය ගියා.
එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රෆා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කර තිබෙනවා.
ලක්ෂ 12ක පිරිසක් එහි වාසය කරනවා.
පසුගිය ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 27,708 ක් මිය ගොස් තිබෙනවා.
67,147 ක් තුවාල ලබා ඇති අතර හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.
The post ගාසා තීරයේ සිරවී සිටින ලක්ෂ 3ක් සාගතයකට ගොදුරුවීමේ අවදානමක් appeared first on ITN News.