මන්නා රමේෂ් අත්අඩංගුවට
පාතාලකල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය බිරිඳ සමඟ මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා යමින් සිටිය දීයි පොලිසිය රථය නතර කරන ලෙසට අණකර තිබෙනවා.
ඊට බාධා කරමින් ගමන් කිරීම හේතුවෙනුයි මන්නා රමේෂ් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු ගමන් කළ මෝටර් රථය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි වාහන පරීක්ෂා කිරීමට පොලිසිය උත්සහ දරා තිබෙන්නේ.
මොහු ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවෙකු වනවා.
මන්නා රමේෂ්ට එරෙහිව මිනිස් ඝාතන හා ඝාතනවලට තැත් කිරීමේ සිද්ධීන් 10කට වැඩි සංඛ්‍යාවක් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ත්‍රී රෝද රථයක නැගී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටි තරුණයන් 4 දෙනෙකුට පසුගිය සැප්තැම්බර් 20 වනදා තල්දූව ප්‍රදේශයේ දී වෙඩි තබා ඇත්තේ මන්නා රමේෂ්ගේ ගෝලයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
The post මන්නා රමේෂ් අත්අඩංගුවට appeared first on ITN News.