කූඨ විදෙස් ගමන් බලපත්රයක් සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු විදෙස් ගමන් බලපත්රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ විදෙස් ජාතිකයෙකු ඊයේ (2) රාත්රී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 41 හැවිරිදි ඉරාන ජාතිකයෙකි.
ඔහු ඊයේ (22) දින සවස 04.06 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඉන්පසුව ඔහු එදින රාත්රී 08.30 ට ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ගුවන් යානය සදහා පිවිසීමට ඔහු සිය නිශ්කාශන කටයුතු සදහා සිය ලියකියවිලි ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ .
එහිදී ඇති වූ සැකය මත මෙම ඉරාන ජාතිකයා ශ්රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්පසුව ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු ගමන් බලපත්රයක් හමු වී තිබූ අතර එහි එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තැබූ බවට හැගවෙන ව්යාජ මුද්රා කීපයක් ද සොයා ගෙන තිබේ .
පසුව මෙම ඉරාන ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහු ආපසු ඔහු පැමිණි ගමනාන්තය වෙත පිටුවහල් කිරීම සදහා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.
The post කූඨ විදෙස් ගමන් බලපත්රයක් සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.