වින්ඩි ගුණතිලකට සම්මානයක්
” අයියෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.
මෙම සම්මාන උළෙල ජාත්යන්තර චිත්රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණා
මෙම සම්මානය ලබා ගන්නා අවස්ථාවට ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීතය නිර්මාණය කළ සනුක වික්රමසිංහ ද එක් වී තිබුණා.
ඔවුන් ඊයේ(26) රාත්රියේ මෙරටට පැමිණියා.
The post වින්ඩි ගුණතිලකට සම්මානයක් appeared first on ITN News.