සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සමගාමීව අද (01) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලට අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට සිනොපෙක් සමාගම තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර ලීටරයක නව මිල රුපියල් 368කි.
ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර ලීටරයක නව මිල රුපියල් 456කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර ලීටරයක නව මිල රුපියල් 360කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර ලීටරයක නව මිල රුපියල් 468කි
The post සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි appeared first on ITN News.