විදුලිබල ප්රතිසංස්කරණ පනතට අනුමැතිය
දුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරණ පනත් කෙටුම්පත සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ඊයේ (08) හිමිව තිබෙනවා.
ඒ අනුව නව විදුලිබල අංශයේ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි වූ බවයි විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ.
එමෙන්ම පනත් කෙටුම්පත මෙම මාසයේ අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සතියේ ගැසට් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති 2 ක කාලයක් මහජනතාවට හිමි වන බවද සඳහන්.
The post විදුලිබල ප්රතිසංස්කරණ පනතට අනුමැතිය appeared first on ITN News.